ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස හිමිවූ ඔක්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දී දිවයිනට රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව ඉතුරු මිලට ගන්නා දෙවැනි ලක්ෂ 5 සති දෙකක් ඇතුළත ලංකාවට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
කොවිඩ් 9 පැතිරීම වැළැක්වීම සඳහා මෙරටට ලැබුණු කොවිඩ් එන්නත මේ වන විට පුද්ගලයින් 750,000කට අධික සංඛ්‍යාවකට ලබා දී තිබේ.
ඊයේ (10) දිනයේත් තවත් පුද්ගලයින් 8,323 දෙනෙකුට එන්නත ලබා දී අවසන්ව ඇති අතර මේ දක්වා එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 752,298ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.