වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අවම දෛනික වේතනය රුපියල් 900 කි. ඊට එක්කර ඇති අයවැය සහන දීමනාව රුපියල් සියයක් වේ.
දෛනික වැටුප වැඩි කරන ලෙස වතු ප්රජාව අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරමින් ඒ සදහා විවිධ අරගල විවිධ අවස්ථාවන්හිදී දියත් විය.
ඒ අනුව අදාළ කි්රයාමාර්ග ගැනීමටයි රජය කටයුතු කළේය. ඒ අනුව එය පසුගිය 5 වනදා සිට වලංගු වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.