ලංකාවේ වෛරස් නසන මුහුණු ආවරණය ජාත්‍යන්තර වෙළෙඳපොළට

ලොව ප්‍රථම වතාවට කොවිඩ් 19 ඇතුළු වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන පරිසර හිතකාමී අධිතාක්ෂණික මුහුණු ආවරණය ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව මුහුණු ආවරණය නිෂ්පාදනය කළේය. නැනෝ තාක්ෂණය මුසු කළ කපරෙද්දෙන් ස්ථර තුනකින් මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කර තිබේ.

පර්යේෂණ ගණනාවක් සිදු කරමින් සියලු වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන බවට තහවුරු කළ ලොව ප්‍රථම මුහුණු ආවරණ නිෂ්පාදනය මෙය වේ. “Nano AV99” ආවරණය 20 වතාවකට වඩා සේදිය හැකි බවත් ඒම අවස්ථාවන්වල විෂබීජ විනාශ වන ගුණය නොනැසී පවතින බවත් පර්යේෂකයින් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.