අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමාවීමෙන් පසු කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් හෝ පොදු දේපලවලට අලාභහානි සිදුකළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි.
මේ අතර විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් කටයුතු පුහුණු සැසිවලින් අනතුරුව ආරම්භ කිරීමට නියමිතය.