ලෝකයෙන් තුරන්වී ගිය මායා ශිෂ්ඨාචාරයේ රැජිනක් භාවිත කළ ආභරණයක් යළි සකස් කිරීමට පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම උපකරණය වසර දහසකට වඩා පැරණි බවයි පුරා විද්‍යාඥයන් පවසා ඇත.
රතු රැජින ලෙස හැදින්වෙන මෙම රැජිනගේ සොහොන් බිම 1994 වසරේදී සොයා ගනු ලැබීය. ඇයගේ සොහොන ආසන්නයේ තිබී ශිලා ලේඛණ කිහිපයක් භාවිත කරමින් අන්‍යන්‍යතාව තහවුරු කර ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබිණි.
මායා ශිෂ්ඨාචාරයට අයත් පුරා වස්තු ආපසු සකස් කිරීමේ වැඩපිලිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.