ට්‍රැවලින් බෑගයේ තිබු හිස නැති මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු වේ

කොළඹ, වේල්ල වීදිය‍, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව පොලිසිය පවසයි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (09) සිදුකිරීමට නියමිතය.

එම DNA පරීක්ෂණය රජයේ අතිරේක රස පරීක්ෂක, ඩී.එච්.එල්.ඩබ් ජයමාන්න මහතා විසින් සිදුකර ඇත. එම වාර්තාවේ, අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමග ඝාතනය වු තරුණියගේ DNA සාම්පලය සැසදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන්ගෙන් ලද තොරතුරකට අනුව හිස නොමැති තරුණියගේ මළ සිරුරක් ට්‍රැවලින් බෑගයක බහා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය. පොලීසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් දියත් කළ මෙහෙයුමෙන් පසු එම මළ සිරුර සම්බන්ධයෙන් හා එය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

මළ සිරුර එම ස්ථානයට රැගෙන ආ බවට හඳුනාගත් බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාද ගෙල වැලලාගෙන මිය ගිය අතර, ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනිමට නොහැකිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.