පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉටුකරන්නැයි ප්රකාශ කරමින් මෙරට කතෝලික සභාව හෙට කළු ඉරිදාවක් ලෙස ප්රකාශයට පත් කළේය.
ඒ අනුව හෙට දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු ඇඳුමෙන් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.
සියලු කිතුණුවන්ට හෙට කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට පැමිණෙන ලෙස එම සභාව පසුගියදා දැනුම් දුනි.