තරුණියක මරාදමා ගෙල වෙන් කර සිරුර බෑගයක දමා අතැර ගොස් පසුව සියදිවි නසාගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ අපකීර්තිය හේතු කොට ඔහුගේ දේහයට පොලිස් ගෞරව ලබා නොදීමට තීරණය කර ඇති බවනියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද සිදු නොකිරීමටත් මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මියගිය පසු හෝ සිය දිවිනසා ගැනීමක් සිදුකරගතහොත් එවැනි නිලධාරියකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
තරුණියක ඝාතනය කර සිය දිවි නසාගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කිසිදු පොලිස් නිලධාරියකු සහභාගි නොකරන බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට දන්වා තිබේ.
තරුණිය ඝාතනය කර සිය දිවිනසාගත් බඩල්කුඹුර වේරගොඩ පහේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උපපොලිස් පරික්ෂක ඒ.එච්. ප්‍රේමසිරි (52) නමැත්තාගේ සිරුර මේ වන විට මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
ප්‍රේමසිරි නමැත්තාගේ සිරුර පීසීආර්. පරීක්ෂණයකට පසුගියදා ලක්කර ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් සිරුර මෘත ශරීරාගාරයේ තබා තිබේ.
සිය දිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය සිය සැමියාගේ දේහය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව පොලිසිය කියයි.
යම් ලෙසකින් මොහුට පීසීආර් පරික්ෂණ වාර්තාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් සිරුර පවුලේ අයට බාර නොදී නිරෝධායන නීතිරීති යටතේ සිදු කිරීමට නියමිතය.