අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ඉරාක සංචාරයේ දෙවන දිනයේදී ෂියා ඉස්ලාමයේ බලවත්ම පුද්ගලයකු සමඟ සංකේතාත්මක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
මිලියන සංඛ්‍යාත ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික නායකයා වන ග්‍රෑන්ඩ් අයතුල්ලා අලි අල්-සිස්තානි සමඟ පාප්තුමා ශුද්ධ වූ නජාෆ් නගරයේ දි හමු වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසංගතය ආරම්භයේ සිට පාප්තුමාගේ පළමු ජාත්‍යන්තර සංචාරය මෙය වන අතර ඉරාකයට ගිය පළමු සංචාරයද මෙය වේ.
කෝවිඩ් -19 සහ ආරක්ෂක හේතු නිසා මෙය අවදානම් සහගත ගමනක් බවද විදෙස් වාර්කා සඳහන් කරයි.
84 හැවිරිදි කතෝලික පල්ලියේ නායකයා මීට පෙර වාර්තාකරුවන්ට කියා සිටියේ “සංකේතාත්මක” ගමනක් යාමට තමාට “යුතුකමක්” ඇති බවය.