කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය (WCT) පිළිබඳ යෝජනාවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ශ්‍රී ලංකා රජය කරන ප්‍රකාශය ‘සත්‍ය වශයෙන්ම වැරදියි’ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) සිකුරාදා ප්‍රකාශ කළේය.
වසර 35 ක් පුරා කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අදානි සමූහය සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා පසුගිය දා අනුමත කළේය.
එම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් නම් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ ජපාන තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය නිවේදනයෙහි දැක්වේ.
“අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ Consortium) විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර තිබේ” යැයි ශ්‍රී ලංකා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එහෙත් ඊයේ (05) දින පැවති සාකච්ඡාවකදී MEA ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය ආයෝජකයින් සමඟ සෘජුව සම්බන්ධ වී ඇති බවයි.
“ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ගැන සඳහන් වන තාක් දුරට ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය සත්‍ය වශයෙන්ම වැරදියි,” ශ්‍රීවාස්තවා මහතා පැවසීය.
“ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සමඟ ඍජුවම සම්බන්ධ වී ඇති බව අපට වැටහෙනවා.
කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සහ ජපාන සහභාගීත්වය ඒකපාර්ශවිකව අවලංගු කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම නව හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලදී.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2019 දී “ආර්ථික ව්‍යාපෘති සඳහා සහයෝගීතාව” සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම අවබෝධතා ගිවිසුමේ එක් ව්‍යාපෘතියක් වන අතර එය හවුල් ව්‍යාපාරයකි.
කොළඹ වරායේ මූලෝපායික නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ ඇති කර ගත් 2019 ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඒකපාර්ශවිකව ඉවත් වී තිබේ.