පාස්කු ඉරිදා ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව රාමඤ්ඤ, අමරපුර මහ නා හිමිවරුනට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගන්වනු ලැබිය.

රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන් වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත සහ අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක හිමියන් වැඩ වෙසෙන කෑගල්ල, ගන්තුන උග්ගල පුරාණ විහාරය වෙත ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් උන්වහන්සේලා වෙත වාර්තා පිළිගන්වා තිබේ.

මෙයට පෙරදී එම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේලාටද පිළිගැන්විමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.