සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නවක ලේඛකයන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් විසින් රචනා කර ඇති පොත් මිලට ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ රචිත පොත් මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ අයදුම්පත් භාරගැනීම මාර්තු මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.
මෙම ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ නවකතා, කෙටිකතා හා ළමා සාහිත්‍ය, සංගීතය, නර්තනය, නාට්‍ය කලාව හා සිනමා කෘති, ජනමාධ්‍ය, සංස්කෘතිය හා කලාව, ආගමික, සංස්කෘතික හා ජනශ්රැති ඡායාරූප හා චිත්‍ර කලාව, ශාස්ත්‍රීය පර්යේෂණ හා විචාර හා විවිධ විෂයයික යන විෂයයන් යටතේ වූ කෘති තෝරා ගෙන ඇත.
කෘතීන් මිලදී ගනු ලබන්නේ කෘතියේ සදහන් කර ඇති මිලෙන් 20%ක වට්ටමකට යටත්වය. මේ පිළිබද විස්තර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරීන් හරහා මෙන්ම www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 0112882667 අංකයට ඇමතීමෙන් දැනගත හැකිය.