පාස්කු දින එල්ල වූ ත්රස්ත ප්රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතය.
මාර්තු 9 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වාචික ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද මාර්තු 10 වැනි බදාදා අග්රාමාත්යවරයාගෙන් අසනු ලබන ප්රශ්න මෙවර ක්රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්රීවරුන්ගේ වාචික ප්රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.
ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.