රජයට වී සංචිතයක් පවත්වා ගෙනයාම සහ තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ අරමුණින් ගොවි බිම් වෙත ගොස් වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ මාර්තු මස 8 වනදා සිට අප්‍රේල් 07 වනදා දක්වා ගොවි බිම් වෙත ගොස් වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය සිදු කරන බවය.
2021 මාර්තු 08 වනදා සිට 2021 අප්‍රේල් 7 වනදා දක්වා කාලය තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගොවිබිම් වෙත ගොස් මිලදී ගන්නා ලෙස කෘෂීකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6 සඳහා එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය ලබාදී ඇත.