මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ වර්ධනය වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී 38 දෙනෙකු පමණ මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.
මියන්මාරය හමුදා පාලනයට යටත් වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ඊයේ දිනයේදී බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
මියන්මාර හමුදාව විසින් ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතාකරුවන් මර්දනය කිරීමේ එම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.