තමන් සමඟ නොමිලේ හඳට යාමට කැමති අට දෙනෙකුට ඉදිරිපත් වන ලෙසට ජපානයේ බිලියනපතියෙකු වන යුසාකු මීසාවා යෝජනාවක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මීසාවා විලාසිතා කර්මාන්තයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු මෙන්ම කලා කෘති එක් රැස් කිරීම සම්බන්ධයෙන් ද විශාල ජනප්‍රිය චරිතයකි. ඒ අනුව ඔහු විවිධ පසුබිම් නියෝජනය කරන පුද්ගලයන් 08 දෙනෙකු තෝරා ගැනීමටඅපේක්ෂා කරයි.
සඳ ගමනේදී එක් ටිකට්ටුවක් සඳහා වැයවන මුදල මෙතෙක් හෙළි කර නොමැති අතර මීසාවා සඳහන් කර ඇත්තේ අති විශාල මුදලක් එයට වැය වන බවය.
එලන් මස්ක් අභ්‍යවකාශ ෂටලය මඟින් 2023 වසරේදී මෙම සඳ ගමන සැලසුම් කර ඇත. ආසන 08ක් වෙන් කරවා ගැනීමට මෙම ජපන් බිලියනපතියා දැනටමත් කටයුතු කර ඇත.
සඳ ගමනට යාම සඳහා අයදුම් කිරීමේදී කොන්දේසි දෙකක් ඇත. සමාජයේ යහපතට කටයුතු කරන පුද්ගලයෙකු වීම සහ සඳ ගමනට සහභාගි වන අනෙක් පුද්ගලයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම එම කොන්දේසි දෙක වේ.