වතු සේවක වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි වීමේ දී සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාර අරමුදල් අනිවාර්යෙන් හාම්පුතුන් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
මෙය වතු සේවකයික්න්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම තීරණය මනා පිටුවහලක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව රුපියල් 230 ක් හාම්පුතුන් ගෙවිය යුතු බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටියි. මෙම වැටුප් වැඩිවීමත් සමඟ වතු සේවකයින්ගේ පාරිතෝෂික දීමනා, අතිකාල දීමනා, නිවාඩු දීමනා, සහ ප්‍රසූත දීමනා යන සියලු දීමනා ඉහල යන බවද අමාත්‍යවරයා පැවසුවේය.
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට ගෙනආ යෝජනාව පඩි පාලක සභාවෙන් පසුගියදා ස්ථිර කළේය. ඒ අනුව, වතු සේවක දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කරන ගැසට් නිවේදනය සතියක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ප්‍රකාශ කර තිබිණි.
අදාළ යෝජනාවට විරෝධතා ලබාදීමට, පසුගිය 15 වැනිදා දක්වා කල් දී තබා ඇත. ඒ අනූව, වතු සේවක දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන්වරුන්ගෙන් විරෝධතා 197ක් ඉදිරිපත්ව තිබුණි. එම විරෝධතා සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළැඹ ඇත.