තරග 3කින් සමන්විත කොදෙව් ශ්රී ලංකා පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ පළමු තරගය ඇන්ටිගුවා හිදි හෙට පැවැත්වේ.
ඒ ශ්රී ලංකා – කොදෙව් තරගාවලිය ඉන්දීය උප මහද්වීපයේ විකාශය කිරිම සදහා කිසිදු රූපවාහිනි විකාශකයෙකු මෙතෙක් අදාළ තරගාවලියේ විකාශන කටයුතු භාර නොගෙන ඇති බව පැවසේ.
ඒ අනුව සිම්බාබ්වේ, නයිජීරියා, සහ කෙන්යාව ඇතුලූ අප්රිකානු රටවල් 54කට සහ දූපත් සමූහයකට පමණක් මෙම තරගය රූපවාහිනිය ඔස්සේ නැරඹිමේ අවස්ථාව හිමිව තිබේ.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක සුගතදාස ක්රීඩාංගන පරිශ්රයේ ස්ථාපිත කර ඇති ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.
තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්ර සේනානායක ඊයේ දිනයේදී ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කල අතර කෙසේවෙතත්, එම ඇප අයැදුම ප්රතික්ෂේප කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්රාත්වරිය තීරණය කළේය.