කොවිඩ් මරණ සංඛ්‍යාව 483 යි

අද දිනයේ  කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය  අංශ සඳහන් කරයි .

මෙම මරණ 7ත් සමග  මෙරටින්  වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස්  ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි .

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ  15 ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.