ඉන්දික ශ්‍රී අරවින්ද
2019 පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන වැරදිකරුවන් හඳුනා ගැනීමට පියවර නොගතහොත් පාස්කු ඉරිදා කළු කොඩි උද්ගෝෂණයක් පවත්වන බවට කතෝලික පල්ලිය අද තරයේ කියා කළේය.
ත්‍රස්තවාදී විමර්ශන අංශය, අපරාධ විමර්ශන අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය 2019 පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රශ්න කර සිටී.
ඒ නිසාවෙන් වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.