ලොව පුරා කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ අනූ දහස් දෙසීය විසි පස් දෙනෙකු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් හයසිය නවයකි. ඒ සමගම කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසි පන් ලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් ඇත. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එකොලොස් කෝටි පනස් ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වේ. එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි අනූ තුන් ලක්ෂ දාහතර දහස් දෙසීය පනස් හතරකි.

කොරෝනා වයිරසයේ ඇතැම් ප්‍රභේද නිසා එන්නත් නිෂ්පාදනයට අභියෝග එල්ල වන බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරමින් පැවසුවේය. කොවිඩ් නයින්ටීන් වයිරසයේ ප්‍රභේද රාශියක් ඇති නමුත් වෛද්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉන් කිහිපයක් කෙරෙහි පමණක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානි ආචාර්ය රොෂෙල් වැලෙන්ස්කි සදහන් කර ඇත.

මහා බ්‍රිතාන්‍ය දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හදුනාගත් ප්‍රභේදයන් වඩාත් හානිකර බව හෙළි වී තිබේ. බ්‍රසීල කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හය දෙනෙකු මහා බ්‍රිතාන්‍යයෙන් හමු වූ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය ද වැඩි දුරටත් පවසයි.

බ්‍රසීලයේ නව ප්‍රභේදයේ ආසාදිතයන් මහා බ්‍රිතාන්‍යයෙන් හමු වී ඇත්තේ පළමු වරටය. එංගලන්තයෙන් ආසාදිතයින් තිදෙනෙකු හා ස්කොට්ලන්තයෙන් ආසාදිතයින් තිදෙනෙකු මෙලෙස වාර්තා වී ඇත. එම ආසාදිතයින් හරහා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් තිබුණද තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති බවයි බ්‍රිතාන්‍ය බලධාරීන් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.