ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කොරෝනා එන්නත ලබා දෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන භාරත් බයෝටෙක් ආයතනය නිපදවූ කොරෝනා වෛරසයට එරෙහි කොවැක්සින් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව තහවුරු කර ඇත.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබාගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මෝදි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ වන විට ලෝකයේ රටවල් රැසක එන්නත්කරණය වැඩසටහන් ආරම්භකර ඇති අතර ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව තුළයි.

ඉන්දියාව තුළ හදිසි භාවිතය සඳහා කොවැක්සින් එන්නතට අමතරව බ්‍රිතානයේ බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ආයතනය හිමිකම් කියන කොවිෂීල්ඩ් එන්නතටද අනුමැතිය හිමිවුණා.

එම එන්නත පූනේහි සීරම් ආයතනය මගින් නිෂ්පාදනය කළද ඉන්දීය නිෂ්පාදනයක් ලෙස කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ කොවැක්සින් එන්නත අගමැති මෝදි විසින් ලබාගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහාද මේ වනවිට අනුමැතිය හිමිව ඇත්තේ පූනේහි සීරම් ආයතනයේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතටයි.

ඒ අනුව එම එන්නත පසුගිය ජනවාරි 29 වනදා සිට මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරුණු අතර, මේ දක්වා පුද්ගලයන් හාරලක්ෂ 66,350 දෙනෙකුට එන්නත ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.