ට්‍රැවලින් බෑගයක තිබී හිස කදින් වෙන් කල කාන්තා මළ සිරුරක් හමුවී ඇත. මෙම නාඳුනන මළ සිරුර පොලිස් හදිසි දුරකථන අංක 119 ඔස්සේ ලැබුණු තොරතුරුවලින් පසුව සොයාගෙන ගත් බව පොලිස් මාධ්‍ය අංශය කලම්බෝ ගැසට් වෙත පැවසුවේය.
එමෙන්ම මෙම කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයේ දමා මහ මඟ දමාගොස් තිබිය දී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේදී සොයා ගෙන තිබු බවද පොලිස් මාධ්‍ය අංශය කලම්බෝ ගැසට් වෙත පැවසීය.
පොලීසිය පැවසුවේ ඇය වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් බවය. එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටීවී කැමරාවක මෙලෙස සටහන්ව ද ඇත.