රැකියාවෙන් නෙරපුවොත් ලක්ෂ 25ක වන්දියක් – ගැසට් පත්‍රය නිකුත් වෙයි

හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීමේ නව ගැසට් නිවේදනයක් කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පසුගිය 19 වැනිදා නිකුත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන් සහ අර්ධ රාජ්‍ය අංශයට අයත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට මෙම වන්දි හිමිකම ගැසට් නිවේදනය නිකුත් කළදා සිට හිමි වනු ඇත.

කොවිඩ් වසංගතය නිසාද පසුගිය කාලයේ හාම්පුතුන් විසින් බොහෝ දෙනකුගේ සේවය අවසන් කර ඇති බැවින් එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ සේවකයන්ටද මෙම ගැසට් නිවේදනය අනුව ඉහත වන්දිය ලබාගැනීමට හැකිවනු ඇතැයි කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.

සේවය අවසන් කරන අය සඳහා මින් පෙර හාම්පුතුන් විසින් ගෙවිය යුතු වන්දි මුදල වූයේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක් වන අතර එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2005 වසරේදීය.

වන්දි මුදල රුපියල් ලක්ෂ විසිපහක් විය යුතු බවට නව නීතියක් ගෙන එන්නේ අවුරුදු පහළොවකට පසුව බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.