මියන්මාරයේ ගැටුමේ කළු දිනයක්. ගැටුම් උත්සන්න වේ

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා බෙහෙවින්ම උත්සන්න වෙමින් තිබේ. ඊයේ දිනය තුළදී පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනෙක් මිය ගොස් ඇත.

ඒ අනුව මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවල අඳුරුතම දිනය ලෙස ඊයේ දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් නම් කර තිබේ. වෙඩි තැබීම්වලින් තුවාල සිදුවූ පිරිස 30 ඉක්මවන බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉකුත් පෙබරවාරි පළමු වැනි දා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයන් බලයෙන් පහ කෙරුණ අතර අනතුරුව රටේ හමුදා පාලනයක් පිහිටු විය. ඒ අනුව නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් කිහිපදෙනෙකුම හමුදා භාරයට පත්විය.

එම කුමන්ත්‍රණයට ජාත්‍යන්තරයෙන් මෙන්ම රට තුළින්ද බලවත් විරෝධයක් එල්ල වුයේය. දිගින් දිගටම එරට වැසියන් ගෙවුණු මාසයක කාලයක් තුල රට තුළ විරෝධතා පල කරමින් සිටිති.

සතියක පමණ කාලයක් පැවති සාමකාමි විරෝධතා අවසන් කරමින්, පොලීසිය යොදාගෙන යළි විරෝධතා මර්දනය කිරීමට ඉකුත් සෙනසුරාදා සිට හමුදා පාලකයන් කටයුතු කරමින් සිටීන අතර පොලීසිය විරෝධතාකරුවන් වෙතට ජීව උණ්ඩ මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.