ඇමරිකාවේ එන්නත ලබා ගැනීමට ලංකාවේ අවධානය

එක්සත් ජනපදයේ අනුමැතිය ලබා දී ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වෛරස් එන්නත ගැන සලකා බැලීමට ශ්‍රී ලංකාව සූදානම් වෙමින් සිටියි.

ඇමෙරිකාව විසින් විසින් රටතුළ භාවිතය සඳහා තුන්වන එන්නත වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වෛරස් එන්නත නිල වශයෙන් අනුමත කර ඇත. මෙම එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නත් සඳහා ලාභදායී විකල්පයක් ලෙස සකසා ඇති අතර අත්හදා බැලීම් මගින් 66% ක් පලදායි බව සඳහන් වෙයි.

මෙම එන්නත නිපදවා ඇත්තේ බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසිනි. මෙම එන්නත සඳහා දේශීය නියාමකයාගේ අනුමැතිය ලබා දෙන්නේ නම් එය සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ඩේලි මිරර් වෙත පවසා ඇත.

කෙසේ වෙතත්, මේ දක්වා ජාතික ඖශධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) එක් මාත්‍රාවකින් යුත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වෛරස් එන්නත සඳහා අනුමැතිය ඉල්ලා අයදුම්පතක් ලැබී නැති බව එන්එම්ආර්ඒ හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

භාරත් බයෝටෙක් විසින් ඉන්දියාවේ ස්වදේශික COVID-19 එන්නත, රුසියාවෙන් ස්පුට්නික් 5 එන්නත සහ චීනයෙන් සීනෝෆාම් එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඉල්ලුම්පත් මේ වන විට එන්එම්ආර්ඒ වෙත ලැබී ඇති බව ඔහු පැවසීය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා එන්එම්ආර්ඒ දැනටමත් අනුමැතිය ලබා දී ඇත. වෛද්‍ය කමල් ජයසිංහ මහතා කියා සිටියේ ෆයිසර්-බයෝටෙක් එන්නත සම්බන්ධයෙන් ෆයිසර් සමඟ යම් යම් සාකච්ඡා පවත්වා ඇති බවයි. කෙසේ වෙතත්, එන්එම්ආර්ඒ වෙත තවමත් ෆයිසර් වෙතින් අයදුම්පතක් ලැබී නොමැති බව ඔහු පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.