මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. මාරක අනතුරු ඉහළ යාමත් සමග මාර්ග ආරක්ෂාව පිළිබද බරපතළ තත්ත්වයක් මතුව ඇති බව පොලිසිය පවසයි.
රථ වාහන රියදුරන්ගේ සහ පදිකයින්ගේ නොසැලිකිලිමත් භාවය හේතුවෙන් රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇත. ඒ අනුව ඉදිරියේ දී දැවැන්ත රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ දිනයේදී මිය ගිය 12 දෙනා අතර පදිකයින් සිව්දෙනෙකු, ත්‍රීරෝද රථවල ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු, පාපැදිකරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද වේ.
ඉන් 8 දෙනෙකු ඊයේ දින සිදුවු රිය අනතුරුවලින් මියගොස් ඇති අතර අනෙක් සිව්දෙනා මීට පෙර සිදුවු රිය අනතුරුවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.