ශ්‍රී ලංකාවෙන් ‘කුරුදු සිගරැට්ටුවක්’

ශ්‍රී ලංකාවෙන් “කුරුඳු සිගරැට්ටුවක්” ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමට මෙරට සමාගමක් මේ වනවිට සියල්ල සූදානම් කරමින් පවතී.

මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් ලෝක වෙළඳපොළට අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගැනීමයි.

ලෝකයේ හොඳම කුරුඳු නිපදවන රට වන්නේද ශ්‍රී ලංකාව බැවින් මෙමගින් රටේ ආර්ථිකයට ලබා ගත හැකි දායකත්වය අති මහත්ය.

මෙම සමාගම 2017 – 1018 වසර තුළ අපනයන සම්මාන පවා හිමිකරගෙන ඇති අතර කුරුඳු ශාකයේ කොටස් යොදා ගනිමින් නිපදවන මෙම සිගරැට්ටුව සඳහා පේටන්ට් බලපත්‍රයද ලබාගෙන ඇත.

දැනටමත් මෙම කුරුඳු සිගරැට්ටුව ඉන්දියාව,දකුණු කොරියාව,ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට නියමු ව්‍යාපෘතියක් ලෙස කටුනායක ප්‍රදේශයේ අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරි සති කිහිපය තුළදී රජයේ සහය මත මෙම කුරුඳු සිගරැට්ටුව එළිදැක්වීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහි වෙතැයි එම සමාගම අපේක්ෂා කරයි.

මේ නිසාල බහු ජාතික දුම්වැටි සමාගම් යම් තැති ගැනීමකට ලක්ව ඇති අතර මෙම නිෂ්පාදනය එළි දැක්වීමට බාධා එල්ල කරමින් පවතින බව අනාවරණයවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.