අද දිනයේද ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ ස්ථාන පහකදී කොරෝනා මර්දනය සදහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සිදුවී ඇත.
ඒ අනුව මාත්‍රා 6000 කට වැඩි ප්‍රමාණයක් මේ අනුව ලබාදීමට අපේක්ෂා කර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
උතුරු කොළඹ, මැද කොළඹ, පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය, කැම්බල් පිටිය, වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය යන ස්ථානවලදීයි එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ. වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 19 ක් කේන්ද්‍ර කරගනිමින් මෙසේ එන්නත් ලබාදීම සිදු වන බවද ඔහු පැවසුවේය.