දේශීය නවෝත්පාදන ප්‍රචලිත කිරීමේ නව වැඩසටහන් මාලාවක් එළිදැක්වීමට රජය කටයුතු කර ඇත.
නවෝත්පාදන ප්‍රචලිත කිරීම සදහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
ඒ යටතේ උතුරුමැද මධ්‍යම හා බස්නාහිර පළාත් ආවරණය කරමින් නිපුණතා සංවර්ධන සහකාර සහ සංවර්ධන නිලධාරීන් 81 දෙනෙකු සහභාගීකර ගෙන ඇත. ගම් මට්ටමෙන් නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම ඒ අනුව සිදු කෙරේ.
එම නවෝත්පාදන වාණිජ මට්ටම වැඩිදියුණු කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ දැනුමද නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් ලබා දී ඇත.