ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම එක්දින ක්රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී එස්. එස්. සී. සහ ලන්කන් ක්රීඩා සමාජ ජය වාර්තා කළේය.
අවසන් පූර්ව තරග වටයේදී කොළඹ බදුරලිය ක්රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් කොළඹ එස්.එස්.සී. කණ්ඩායමද ප්රබල කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 3 ක ජය ලැබමින් ලන්කන් පිලද අනිද්දා (28 දා ) කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව හිමි කරගත්තේය.
ඒ අනුව අනිද්දා අවසන් මහා තරගයට එස්. එස්. සී. සහ ලන්කන් කණ්ඩායම තරඟ වදිනු ඇත.