කොවිඩ් මෘතදේහ ආදාහනයට ගත් තිරණය මුස්ලිම් රටවල් අගයයි

මුස්ලිම්වරුන්ගේ  මෘතදේහ  ආදාහනය කිරීම නතර කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය මුස්ලිම් රටවල් ගණනාවක් පිළිගෙන තිබේ.

COVID-19 අසාදිත මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භුමදානය  කිරීමට ශ්‍රී ලංකාව අවසර දෙන බවට කරන ලද නිවේදනය පිළිගත් රටවල් අතර පාකිස්තානය, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය ද වේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවය.

“මම ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත වන අතර, කොවිඩ් 19 මිය යන අය සඳහා සුසාන කටයුතු සඳහා ඉඩ ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයේ නිල නිවේදනය පිළිගනිමි,” ඔහු ට්වීටර්  පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම්. අෂ්රෆ්  ප්‍රකාශ කළේද  කොවිඩ් 19  සිදුවන සියලුම මරණ සඳහා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අත්හිටුවීමට ශ්‍රී ලංකාව ගත් තීරණය අපි සාදරයෙන් පිළිගනිමු. මෙම පියවර නිසැකවම  COVID- 19 පැතිරීම පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට ඉවහල් වන අතර වසංගතයට එරෙහිව එහි ජනතාවට එන්නත්  ලබා දීම අගය කරන බවද  ඔහු සඳහන් කරයි.

මුස්ලිම් විශ්වාසයන්ට අනුකූලව කොවිඩ්  වයිරසයෙන් මියගිය අය භූමදාන කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ගත් තීරණය තුර්කිය ද පිළිගත්තේය.

තුර්කි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හාමි අක්සෝයි කියා සිටියේ COVID-19 හි වින්දිතයින් ආදාහනය කිරීමේ ක්‍රමයේ වෙනසක් මුස්ලිම් ප්‍රජාව අපේක්ෂා කළ  බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.