පාස්කු කොමිෂන් වාර්තාව අසම්පූර්ණ බැවින් ඉතිරි වෙළුම් වහාම සභාගත කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පවසයි.
මෙහි තව වෙළුම් ගණනාවක් තිබිය යුතු බවත් පාස්කු කොමිසම් වාර්තාවේ බොහෝ කරුණු සදහන්ව නැති බවද ඔහු පවසයි. මෙම ප්‍රහාරයට මුහුණ දුන් අයුරු මෙන්ම තවත් කරුණු කිහිපයක් ඇති නමුත් මේ ප්‍රහාරයේ පිටිපස සිටියේ කවුද? ප්‍රහාරයේ මොළ කරුවන් කවුද? මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කලේ කවුද? ඒවාට සම්බන්ද වූ අය කවුද? යන කරුණු මෙම වෙළුමේ සඳහන්ව නොමැති බව ද විපක්ෂනායකවරයා පවසයි.
එම කරුණු පිළිබදව විභාග නොවූ ඇයිද යන්න කුතුහලයට කරුණක් බව ද පවසන සජිත් ප්‍රේමදාස මහතා මෙම ත්‍රස්ත කණ්ඩායමට රජයේ මුදල් කැප කර තිබෙනවාද යන්නද දැන ගත යුතුව ඇති බවද පැවසුවේය.
එමෙන්ම සමහර සාක්ෂි ගැනද තොරතුරු මෙම වෙළුමේ නොමැති බවත් මෙම කොමිසම් වාර්තාව තුලින් විපතට පත්වූ අයගේ පවුල් වලට සැනසීමක් ලැබී නැති බවද රටේ ජනතාව සත්‍යද දන ගත යුතු බැවින් මෙම තොරතුරු එළියට පැමිණිය යුතු බවද ඔහු පැවසුවේය.