නීති සිසුවාට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

පැලියගොඩ පොලීසියේ දී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට සිදුවූ පහර දීම සම්බන්ධ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙසත්,සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිට නියෝග කර ඇත.

පොලිස් ස්ථානයක් තුළ ඒ වගේ පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තමනට අමානුෂික ලෙස පහර දුන් බව හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්න මහතා සඳහන් කරයි.

තමන් නීතිඥයන්ගේ සේවාදායකයෙකු වෙත ආහාර රැගෙන ගිය අවස්ථාවේ පොලිසියේ පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් තමන්ට පහර දුන් බව නීති ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්න මහතා කියා සිටී.

බරපතළ තුවාල සහිතව අදාල තරුණයා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා විසින් මාධ්‍ය නිවේදනයයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර ඇත.

2021 පෙබරවාරි 25 වන දින මිගරා ගුණරත්න මහතා පැලියගොඩ පොලිසියට පැමිණියේ ඔහුත් අදුරන මාගේ සේවාදායකයාට කෑම පාසලයක් ලබා දීමට. පොලිසියට පැමිණ ජයවීර මහතා හමුවීමට ඉල්ලීම. එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුණු උප පොලිස් පරීක්ෂකවරයකු මිගරා ගුණරත්න ඔහු කවුදැයි ප්‍රශ්න කළ අතර එම ප්‍රකාශය තමූසෙ කලින් අවිලත් මෙතන ප්‍රශ්න දගතා නෙද, මු තමයි ප්‍රෂ්නා දාගතේ යන ප්‍රකාශය කළ අතර එම අවස්ථාවේදී ඔහු සහ නිලධාරීන් 10 දෙනෙකු පමණ මිගරා ගුණරත්නට කාමරයක් ඇතුලට දමා අතෙන් පයෙන් හා පොලු වලින්, අමානුෂික ලෙස පහර දී ඇත.

කිහිප වරක් මිගරා ගුණරත්න ඔවුන්ගෙන් නවත්වන ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් එය නැවැත්වූයේ මිගාර ගුනරත්න අපේ පියාගේ නම සදහන් කර අහවලා ගේ පුතා කියලා කිව්වා ට පස්සෙ පහර දීම ප්‍රමාණවත් යැයි තීරණය කළ අතර ඔවුන් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට මිගරා ගුණරත්නට චෝදනා කරන බවට ඔහුට තර්ජනය කළහ.

ටික වේලාවකට පසු මිගරා ගුණරත්න රාගම හදිසි ප්‍රතිකාර ඒක්කයට පෙන්වීම සඳහා රෝහලට ගෙන යන ලදී.

මෙම කාලය තුළ වෛද්‍යවරයාට මගේ තුවාල හෙළි නොකරන ලෙස මිගරා ගුණරත්නට නැවත නැවතත් තර්ජනය කර NE-0825 යන පොලිස් ජීප් එක ඇතුලේ කිහිප වතාවක් පහරදී ඇත.

එසේ නොමැතිනම් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම නිසා මිගරා ගුණරත්න අත්අඩංගුවට ගෙන තවදුරටත් සිරගත කරනු ඇත. වැඩ් දුරටත් මෙය ගෙන ගියහොත් කුඩු ජාවාරමකට පවා පටල වීමට Chief inspector ලින්ටන් සිලවා යන අය තර්ජනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.