අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ කණ්ඩායමක් කොටුවෙයි

ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ඒ සඳහා මෙම මුදල තැන්පත්කරන ලෙස පවසා අන්තර්ජාලය හරහා රුපියල් 17 ලක්ෂ 45,000ක මුදලක් වංචාවක් සිදු කල නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකික යුවලක් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුව අන්තර්ජාලය හරහා සිදුකර මෙම සංවිධානාත්මක කණ්ඩායම කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඒ සම්බන්ධව සිදුකරන විමර්ශනවලදී විවිධ සිම් කාඩ්පත් භාවිත කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවන මෙම වංචාව පිළිබඳව අනාවරණය වී තිබුණි.

මේ සම්බන්ධ විමර්ශනවලදී, නයිජීරියානු ජාතිකයින් නතරවී සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තිබී පරිගණක දෙකක් විවිධ රටවල භාවිත කරන දුරකථන සිම් කාඩ් 79ක්, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා කඩදාසි රැසක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.