වී මිළදී ගන්න අළුත්ම ක්‍රමවේදයක්

වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

මෙසේ ඉහළ සහතික මිලක් ගොවීන්ට ලබා දුන්නද පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමට වෙළෙන්දන්ට රජය ඉඩ නොතබන බවද රජය පවසයි. ඒ අනුව පාරිභෝගිකයාට රුපියල් 98 කට සහල් කිලෝවක් ලබා දෙන්නට රජය සූදානම් බවද ඇමැතිවරයා පැවසුවේය.

එමෙන්ම පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ මෙහෙයුම අරඹන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පැවසීය. ගොවි ජනතාවට උපරිම සාධාරණය ඉටුවන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටිනවා.

ඒ අනුව තෙත වී කිලෝවක් රුපියල් 46 කට / වියලි නාඩු 52 කට සහ වියළි සම්බා 54 කට මිලදී ගැනීමට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.