අශන්ති වරුනසුරිය
ජලය අපනයනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඊට අදාල සැලසුම් වෙළෙඳ අමාත්‍යංශය සකස් කරමින් සිටී.
මේ පිළිබද කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව කිරීමෙන් හොද විදේශ විනිමයක් උපයා ගැන හැකි බව ද ජපානය හා ප්‍රංශය තම රටවල ජලය ලෝක වෙළෙදපොලට අලෙවිකර විශාල ආදායමක් ලබන බව පවසන අමාත්‍යවරයා අපනයන වර්ධනය කිරීමට තමන් හට වගකීමක් පැවරී තිබෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මූලාශ්‍ර සිදී ඇති බැවින් පානීය ජලය ලබාදීම සීමාකිරීමට සිදුවන බවය.
ඒ අනුව එම මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ ජානීය ජල අවශ්‍යතාවය පැය 24 පුරා ලබාදීම සීමා වනු ඇති බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
තවද පවත්නා තත්ත්වය මත උස් බිම් ප්‍රදේශවල වෙසෙන ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සදහන් වේ.
පවතින කාලගුණ තත්ත්වය මත පානීය ජලය හැකිතරම් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.