විදුලි ක්ෂේත්‍රයේ කාර්මිකයින්ට ජාත්‍යන්තර සුදුසුකම් නොමිලේ ලබා දීමට පියවර

මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ටජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන ත්‍රිත්වය දින නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ මහතාවෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සහ මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා  විසින් මෙම අත්සන් තැබීම සිදුකරන ලදි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ ශිල්පීන් ලෙස වෘත්තීන් 11ක් හඳුනාගෙන ඇති අතර එයින් එක් අංශයක් වන්නෙ විදුලි කාර්මික ශිල්පයයි. මෙරට විදුලි කාර්මිකයින් 45,000ක පමණ පිරිසක් මේ වන විට වෘත්තීයෙහි නියැලෙන බවට ඇස්තමේන්තු කර තිබේ. නමුත් ඔවුන්ගෙන් 85% කට සිය වෘත්තිය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති බවද අනාවරණය වී තිබේ. පලපුරුද්දෙන් වෘත්තීයෙහි නියැලෙන විදුලි කාර්මිකයින් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෘත්තීය දැනුම ලබාගත්තද විදුලි කාර්මිකයින් හට ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම ලබාගැනීමට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ පාඨමාලා කාලය සහ ඒ සඳහා වැයවෙන ගාස්තු ආදියයි.

මෙම ගැටළුවට පිළියමක් වශයෙන් නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම NVQ Level 3  ලබා දීමට මෙම රාජ්‍ය ආයතන ත්‍රිත්වය කටයුතු කර තිබේ. ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම මගින් විදුලි කාර්මික ශිල්පී පාඨමාලා සඳහා වැයවෙන පාඨමාලා ගාස්තු හා පරීක්ෂණ ගාස්තු ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දරනු ලැබේ.

මෙම වැඩසටහනේ මුල් අදියරේදී දිස්ත්‍රික්කයකට විදුලි කාර්මිකයින් සිය දෙනෙකුට විශේෂ සිව්දින වැඩසටහන යටතේ පුහුණුව ලබාගෙන NVQ 3 මට්ටම ලබාගැනීමට පහසුකම් සැලසෙන අතර මුල් අදියරේදී විදුලි කාර්මිකයින් 2400කට NVQ 3 පිරිනැමීමට සැලසුම් කර ඇත.

විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය අනුව ශ්‍රේණි 6ක් යටතේ විදුලි කාර්මිකයා වර්ග කර බලපත්‍ර පිරිනමනු ලැබේ. රැහැන්කරුආධුනික විදුලි කාර්මික ශිල්පිකණිෂ්ඨ විදුලි කාර්මික ශිල්පීජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පීප්‍රධාන විදුලි කාර්මික ශිල්පී සහ විශේෂඥ විදුලි කාර්මික ශිල්පී යන ශ්‍රේණි 6 ඔස්සේ විදුලි කාර්මිකයාට උසස්වීම් ලබාගැනීමට හැකි වේ.

මෙම ශ්‍රේණි ක්‍රමය ජාතික වෘත්තීය සුදුසුකම ( NVQ ) සේවා පළපුරුද්ද පදනම් කරගෙන ක්‍රියාත්මක වෙයි. කණිෂ්ඨ විදුලි කාර්මික ශිල්පී තනතුර ලබාගැනීම සඳහා NVQ 3 හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම 3වැනි මට්ටම හා සේවා පලපුරුද්ද අවශ්‍ය වේ. විදුලි කාර්මිකයෙකු ජාතික වෘත්තීය සුදුසුකම 4 වන මට්ටම හා අදාළ සේවා පලපුරුද්ද ලබාගත් විට ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික බලපත්‍රය ලබාගත හැකිය. ජාතික වෘත්තීය සුදුසුකම 5 වන මට්ටම ලබාගත් පසු ප්‍රධාන විදුලි කාර්මික තනතුර හා විශේෂඥ විදුලිකාර්මික ශිල්පී බලපත්‍රයද පිරිනැමේ.

ඒ අනුව අද දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් විදුලිකාර්මිකයාට සිය වෘත්තීය බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වන ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම කඩිනම් ක්‍රමයක් යටතේ නොමිලේ ලබා ගැනීමට හැකියාව ලැබෙන අතරම ඉදිරියේදී නිවෙස් වල විදුලි පද්ධති ස්ථාපනයඒවා පරීක්ෂා කිරීම හා සහතික කිරීමේ හැකියාවද ලැබෙනු ඇත. එමෙන්ම විදුලිකාර්මිකයාට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදී ඔහුගේ වෘත්තීය ප්‍රගමනයට බාධාවක්ව පවතින අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අඩුවද මෙම අවබෝධතා ගිවිසුම මගින් පුරවනු ලැබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.