ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගෙන ඇත.
එමෙන්ම එන්නත සම්බන්ධයෙන් ජනතාව තුල ඇතිකරන ලද බිය පහ කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කරවීම සඳහා සනත් ජයසුරිය ඇතුළු රටේ දේශපාලන ප්‍රධානින් සහ සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් එන්නත ලබා ගෙන ඇත.
විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වූ බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ පැවසුවේ විපක්ෂය විසින් මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භයේ සිටම දිගින් දිගටම විවිධ මත පතුරුවන බවය.