ඉන්දික ශ්රී අරවින්ද
බන්ධනාගාර දෙපාර්තමේන්තුව නවමු මාවතකට යොමු කරමින් රැදවියන් බැලීමට පැමිණෙන ඔබට ප්රමාද වීමකින් තොරව
රැදවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ පහසුකම දැන් සලසා දී තිබේ.
මෙම සේවාව ලබාගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වෙබ් අඩවි දෙකක් හදුන්වා දී ඇති අතර එම වෙබ් අඩවි සඳහා පිවිස E Visit තොරතුරු පද්ධතිය හරහා තොරතුරු ඇතුලත් කර අදාළ රැඳවියන් බැලීමට පැමිණෙන දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැක.
තවත් මෙහි විශේෂත්වයක් වන්නේ මෙම වෙබ් පිටුව හා මෘදුකාංගය බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කර තිබීම හා පාලනය කිරීමයි.
ඉදිරියේදී මෙවැනි තාක්ෂණික ක්රමවේදයන් භාවිතා කරමින් බන්ධනාගාර තුල ඇති ගැටළු අවම කිරීමටත්, රැදවියන්ට හා ඔවුන්ගේ නිවෙස් වල අයට ඇතිවන ගැටලු නිරාකරණය, අවම කිරීම සදහා ක්රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
www.visit.prisons.gov.lk
www.prisons.gov.lk