ඉම්රාන් ඛාන්ගේ වසරේ බැහැරව යන පළමු නිල සංචාරය ලංකාවට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම වසරේ රටින් බැහැරව යන පළමු නිල සංචාරය මෙය වේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ඉන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැමිණෙන ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා ඉන්දීය බලධාරීන් අවස්ථාව ලබාදී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.