
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නිෂ්පාදනය කළ නව නියමු යාත්‍රාවක් කොළඹ වරාය වෙත ලබා දීම අද දින පෙරවරුවේ සුභ මොහොතින් කෙළඹ නැව් තඨාකංගණ පරිශ්‍රයේ දී සිදු වි ය.
මෙහි දී උත්සව සභාව ඇමතූ ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපැයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා, අද දවස ශ්‍රී ලංකාවේ යාත්‍රා නිෂ්පාදනයේ සුවිශේෂී දවසක් ලෙස තමා සලකන බවත්, ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්රමුඛ ආයතනයක් වන කලම්බු ඩොක් යාර්ඩ් ආයතනයේ විශිෂ්ටත්වය විදහා දක්වමින් මෙම යාත්‍රාව විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති බවත් පැවසී ය.
තව ද එතුළින් ශ්‍රී ලංකාව තුළ යාත්‍රා නිෂ්පාදනය පිළිබඳ ධනාත්මක ආකල්ප ගොඩ නැංවීමට මෙම පියවර තිර සාධකයක් වන බවත් අවධාරණය කළේ ය.
කොළඹ නැව් තඨාකාංගණ ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම නියමු යාත්‍රාව ස්කොට්ලන්තයේ මැක්ඩෆ් ආයතනය විසින් නිර්මාණය කර ඇති අතර, එය මීටර් 19ක දිගකින් යුක්ත ය.
නාවික නියමුවන් සිව් දෙනෙකු හා නාවිකයන් සිව් දෙනෙකු ට පහසුවෙන් යාත්‍රා කිරීමට හැකි වන පරිදි මෙම යාත්‍රාව නිර්මාණය කර ඇත. පැය ට නාවික සැතපුම් 22ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ පවතින ඕනෑම කාළගුණ තත්ත්වයක දී ක්‍රියා කිරීමට හැකි ලෙසින් නිෂ්පාදනය කර තිබී ම විශේෂත්වයකි