සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි

ලබන මස පළමුවෙනිදා ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස ලබා දී ජූලි මාසයේදී එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවෙනිදා සිට 10 වනදා තෙක් මධ්‍යස්ථාන හාරදහස් පන්සිය දහතුනකදී පැවැත්වීමට නියමිතය. දිවයින පුරා අපේක්ෂකයන් හයලක්ෂ විසිදෙදහස් තුන්සිය පහක් විභාගයට මුහුණ දීමට නියමිත අතර පාසල් අපේක්ෂකයන් හාරලක්ෂ විසිතුන්දහස් හත්සිය හතළිස් හයක් ඒ අතර වේ.

පෞද්ගලික අපේක්ෂකයන් එක්ලක්ෂ අනූඅටදහස් හයසිය හයක්ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් ද මේ වන විට සූදානම් කර තිබේ. කෝවිඩ් නයින්ටීන් ආසාදනයට ලක් වූ අපේක්ෂකයන් සදහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.