ඇස් කණ්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්රවනතාවය තුන් ගුණයකින් අඩු බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පර්යේෂකයින් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.
එහිදී අනාවරණයවී ඇත්තේ ඇස් කණ්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනයවීමේ අඩු අවදානමක් ඔවුන්ට පවතින බවය.
ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බව ත් විදෙස් මාධ්‍ය පවසයි.