චමින්ද වාස් පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යෑමට අවසන් හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකාර තනතුරට පත්වූ චමින්ද වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි වේග පන්දු පුහුණුකාර තනතුරෙන් චමින්ද වාස් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා චමින්ද වාස් සහභාගී නොවේ.

ලොවපුරා රටවල් සහ කේෂ්ත්‍ර මේ වන විට මුහුණදී ඇති ආර්ථික ගැටළු සහගත වාතාවරණයක් තුල කිසිසේත්ම පිළිගත නොහැකි අයුරින් සිය පෞද්ගලික ආර්ථික වාසිඅභිමථාර්ථයන් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යෑමට ආසන්නයේ සිටියදී සිය තනතුරෙන් ඉවත්ව යෑමට චමින්ද වාස් වැනි ප්‍රවීන ක්‍රීඩකයෙකු ගේ ක්‍රියා කළාපය වගකීම් විරහිත කරුණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.