ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ඒමට නියමිතය.
ඒ අනුව එම සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් එළඹෙන බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ඇනමුව සිදුකර තිබේ.