පුද්ගලයෙන් නොව පොහොට්ටුවේ ආරක්‍ෂාව තමන්ට මුල් තැන බව සාගර කියයි

ඉදිරියේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ආරක්ෂා කර ගන්නා නමුත්, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් බලාපොරොත්තු වන බව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරියේ දී තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන සමාව ඉල්ලන ලෙස තමා ඉල්ලීමක් කලත් ඔහු එය නොකර වෙනත් දේවල් කියමින් සිටි නමුත්, ඉදිරියේදී ඒ ගැන නැවත නැවත කතා කිරීමට බලාපොරොත්තු නොවන බවත් විමල්ගේ මෙම හැසිරීම ඔහුගේ දේශපාල සදාචාරයේ ප්‍රශ්නයක් බවත් කාරියවසම් මහතා පවසයි.

විමල් විරවංශ මහතා සමඟ තමන්ට කිසිදු පුද්ගලික හෝ දේශපාලන මත ගැටුමක් නොමැති බවද තමන් ආරක්ෂා කරන්නේ අමාරුවෙන් ගොඩ නගා ගත පක්ෂය බවද ඔහු විමල් සහ ඔහු සමඟ ගොඩ නැගෙමින් මේ වන විට බෙහෙවිම මතවාදයට ලක්ව තිබෙන සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වමින් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.