මහපොළ අරමුදලේ 2020 – 2025 උපාය මාර්ග සැලැස්ම අනුව ඉදිරි පස් වසර තුළ දැනට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 30% ක් පමණ ඉහළ නැංවීමට හා ශිෂ්‍යත්වයක වටිනාකම 25% පමණ එනම් රු. 7,000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්යක්ෂ එම්.පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.
එම සැලසුම් ක්‍රියාත්මකවීමේ දී දැනට පවතින රු. බිලියන 11ක අරමුදල රු. බිලියන 20 දක්වා වැඩි කිරීමට මෙලෙස සාකච්චා කර තිබේ.
ඒ තුලින් ජනිත වන අතිරේක ආදායම් අරමුදලේ ස්ථාපිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත්, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්යක්ෂ එම්. පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.