කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් කෝටි 3000ක පාඩුවක්

මහින්ද රාජපක්ෂ පාලන රජය තුළදී ආරම්භ කරන ලද කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ‘A’ පැකේජයේ ඉදිකිරීම් කටයුතු පසුගිය රජය විසින් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000කට අධික පාඩුවක් ගුවන්තොටුපළ සමාගමට සිදුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය දා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇත.
වත්මන් රජය යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් වන අතර පසුගිය වසර තුලදී මෙරට ආරම්භ කෙරුන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියදමෙය වෙයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණතුංග මහතා ප්‍රකාශ කළේ විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන
ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බවයි.

කටුනායක බණ්ඩාරායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව වන මිලියන 06යේ සිට මිලියන 15 දක්වා වැඩි කිරීමට පහසුකම් වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 108කි.
ජපානය ණය ප්‍රධානයක් ලෙස මෙම මුදල පිරිනමා ඇති අතර වසර 03කින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වූයේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල, ඊට සම්බන්ධ ගොඩනැගිලි මගී පාලම්, මහල් 05කින් සමන්විත රථගාල, මාර්ග මේ යටතේ ඉදි කෙරෙන බවයි.
මූලික ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී විශේෂ අවධානය යොමු කල අතර මෙම ඉදිකිරීම් නියමිත කාලය තුල අවසන් කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ඉදි කිරීම් සඳහා මෙරට ශ්‍රමිකයන් යොදවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඇමතිවරයා මෙවැනි මහා
පරිමාණ ව්‍යාපෘති වල ඉදිකිරීම් කෙරෙන කාලය තුලදී ද එහි වාසිය රටට හා ජනතාවට හිමිවිය යුතු බවද අවධාරනය
කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.