මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇත. ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් ගෙන ඇති අතර ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම තවත් කොවිඩ් මරණ 10ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන ද 445ක් දක්වා ඉහල ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.